.


ඔන්න  බලන්නකෝ දර්ශනේ...මොන තරම් අපුරුද?

2009 යල කන්නයත් ඔන්න අවසන් උනා.දවස් ගත වෙන ඉක්මන .මේ පාර දවස් 07 යනකොට ඔක්කොම කෑපිලා ඉවරයි.ඒ තරම්ම ඉක්මන්.හෙක්1500 ඒ තරම් ඉක්මනට.ඔව් පුදුම වෙන්න දෙයක් නෑ මෑශින් වලට පින් සිද්ධ වෙන්න. මෙදා කන්නෙත් සුපුරුදු විදියටම 100% ම අස්වනු නෙලුවෙ කම්බයින් හාවස්ටෙර් මගින්.අක්කරේ කපන්න යන්නේ පෑය භාගයයි.වී අලෙවිය කොහොමද? අනේ ජනමාධ්‍ය වල මොන දෙවල් කිව්වද දන්නේ නෑ!!! කිසිම ගෑටලුවක් නෑ.යායටම ට්‍රක් එක එනවා.කෙලින්ම මෑශින් එකෙන් බාන්නේ වාහනේට.තෙත පිටින්ම.වී කිලෝ එකකට රු 28-31 මිලක් ලෑබෙනවා.මෙහේ තත්වේ අනුව නම් අවුරුද්දට තුන් හතර පාරක් වී ගහගන්න පුලුවන් නම් ඒකත් කරයි අපේ කට්ටිය.ඒ තරම් උනන්දුයි.මෙහෙන් කෑපි ගෙන යද්දි අනෙක් පෑත්තෙන් මෙන්න වතුරත් හරෝගෙන ඊලග කන්නේ මඩ වෑඩ වලට!!! පහුගිය වකවානුවේ පුරාම අපි ඔන්න දෑනුවත් කොලේ අස්වෑන්න නෙලුවට පස්සේ ඉතුරු වෙන පිදුරු ටික විනාස කොරන්නේ නෑතුව කුබුරටම දාන්න කියලනේ.වෙන එහෙකට නෙවෙයි.ඒක හොද පොහොරක් නිසා.ඉතින් මේක තේරුනු සමහර ගොවි දෑම්මා.සමහරු නොදා හිටියා. වාසනාවට කම්බයින් හාවස්ටරේ ආව.කට්ටියක් මේකට හුරු උනා.තව කට්ටියක් මේක හරියන එකක් නෙවෙයි කියලා බෑනලා අතින්ම කෑපුවා.හෑබෑයි දෙවෙනි කන්නෙදි ඔක්කොම මේකටම හුරු උනා.බෑනපු අය තමා මුලින්ම මෑශින් පස්සෙ දිව්වේ.අපේ.......සමහරු වගෙ නොවෑ............. ඉතින් මේ කෙන් පස්සේ අස්වෑන්න නෙලනකොටම පිදුරු ටික යායට කෑපිලම වෑටෙනවා.ලොකු වාසියක්නේ.වෑඩේ.................... ඔන්න ඊයෙ හවස ගෙදර එන්නත් සූදානම් වෙලා අස්වෑන්න නෙලලා ඉවර වෙච්ච යාය මෑදින් ආවෙ.ඔන්න බලන්නකෝ දර්ශනේ...මොන තරම් අපුරුද?කාට නම් කොහොම මෙවා කියන්නද!!!!ඔක්කෝම ගිනි තියලා ඉපනෑල්ල.

22 comments:

Kanishka said...

ෂා... පට්ට මැසිම :D :D එකක් ගන්න ඕන :D

Udara || උදාර ධර්මසේන said...

මේ මහත්තයා‍ දැනට කොයි ප්‍රදේශයේද වැඩ රාජකාරි කරන්නේ කියලා දැනගන්න කැමති...

Anonymous said...
This comment has been removed by a blog administrator.
NUWAN said...

anonymous දි ඈත්තේ මී හරකුන්ට අදහස් ප්‍රකාශ කිරීමට නොවේ.

NUWAN said...

Kanishka හෑබෑයි දෑන් නම් මෑශින් ඕන තරම් තියෙනවා .කලින් ගත්තා නම් ගොඩ.

nalaka said...

ඔබගේ සටහන් ඉතාම ප්‍රයෝජනවත්.දිගටම ලියන්න ජය.

Aravinda said...

//"anonymous දි ඈත්තේ මී හරකුන්ට අදහස් ප්‍රකාශ කිරීමට නොවේ."//

සහතික ඇත්ත ... රත්තරං වටින කතාවක්

නිලන්‍ත said...

ඔය කියන මැසිම නිසා රැකියාව අහිමිවු මී හරකෙක් වෙන්න ඇති. ඌට සාධාරණ කේන්තියක් ඇති තමංට ගොම්පස් අල්ලන්න කෙනෙක් නැති උනාට. හැබැයි කියපුදේ එකපාරටම වැටහිලා. ආයෙත් තප්පුලල නෑ. පුදුමයි.

NUWAN said...

නාලක-අනිවාර්යයෙන්ම.
අරවින්ද -සත්තුන්ට තේරෙන භාශාවෙන් උන්ට උත්තර දෙන්න ඕන නේ මචා.
නිලන්‍ත -ඔව් ඔව් නිලා මේ ගොම්පස් අල්ලන කට්ටිය ඉතින් අපි දන්නවානේ.වී විකුනගන්න අමාරුයි කිව්ව නම් මේ ගොල්ලො සෑනසෙනවා.කොහොමත් දෑන් ජොබ් එක නම් මුන්ගේ නෑවතිලානේ.හිතේ අමාරුවට කුනු හරුප කියවෙනවා ඈති.

දුකා said...

ෂා මාර සතුටුයි දැක්කාම සරුසාර අස්වැන්නක් . . . !

මඩ සෝදාගත් කල රජකමට වුව සුදුසු වූ ගොවියාට . . . නවීන තාක්ෂනයත් සමඟින් ඉදිරි ලෝකයට පා තබන්න අත්පොත කියා දෙන ඔබ වැන්නවුන් . . . මේ පින්බිමේ පිනටම පහල වූවා වියහැකියි. . . . !

ජය වේවා සහෝ . . . !

කැලුම් නිරංජන. said...

වටිනා අදහසට ස්තුතියි

තාක්ෂණයේ දියුණුවත් සමගම මෙවැනි නිපැයුම් සෑම ක්ෂේත්‍රයකටම පැමිනෙනව.කිව්ව වගේම මෙවැනි තාක්ෂණික හඳුන්වාදීම් සමගම සාම්ප්‍රදායික රැකියා බොහොමයක්ම අහිමි වෙනව තමයි.හොඳම උදාහරණයක් තමයි පරිඝණකය ප්‍රචලිත වීමත් සමගම කාර්‍යාලීය රැකියා අවම වෙමින් පැවතීම.
නමුත් එහෙම උනා කියල අපිට මේ තාක්ෂණික රැල්ලෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ.වැඩිවන අවශ්‍යතා සපුරන්න නම් මෙය අත්‍යවශ්‍ය කාරණයක්.නමුත් කෙදිනක හෝ මේ තාක්ෂණික රැල්ලේ අවසානයක් එයි.
නමුත් ඒ වන විට සියලු සම්පත් පරිබොජනය කර අවසන් වූ මේ මිහිමත තවදුරටත් ජීවයක් රැඳී පවතීදැයි සැකයි.

said...

මේ කුඹුරුවල නියරවල් නැද්ද?
මන් හරියටම දන්නේ නැහැ පත්තරේ දැක්ක මැෂිම ගියාම කුඹුර සවුත්තු වෙනවා කියලා එහෙම එකක් තියෙද?
අපේ පැති වලනම් ලොකු යායවල් නැති නිසා ඕවා භාවිතා වෙනවා අඩුයි

said...
This comment has been removed by the author.
NUWAN said...

නිරංජන. -ඈත්ත මචා.කතාව ඕනම දෙයක් උපරිමේට ගිහින් ඊලගට ආයෙත් අඩු වෙලා පස්සේ නියත වෙනවා.හොදම උදාහරනේ මීට වසර කීපයකට කලින් ඉතා වේගයෙන් ජනප්‍රිය උනු නව සන්ගීතය දාපු සින්දු.නමුත් දෑන් ආයෙත් අපි අහන්න කෑමති සංකර සන්ගීත නෑති පරන සින්දුවමනේ.ඉතින් තාක්ශනෙත් එහෙම වේවි.දෑන් ජන්ගම දුරකතනය බලන්නකො ගොඩ දෙනෙක් මම දන්න අයින් කලා කරදරයක් කියලා.-

නුවන්සි said...

නිකමට වගෙ අහන්නේ නුවන්,
මම මෙවා දැකලා තියෙන්නේ නම් ඇමෙරිකාවෙ වගේ රටවල තිරිගු වතු වල. එත් එවා මහා පරිමාණ වතු කරුවන්ගෙ
මෙක අපෙ රටට ගැලපෙයිද දන්නැති නිසා අහන්නෙ
අනික මකෙ ප්‍රමානය ගැනත් අවබොදයක් නැති නිසා
අරවා නම් පත සයිස් මැශින් අලි 5.6 දෙනෙක් විතර
කැපිලා ඉවර වෙලා පෙට්ටිත් බැදෙනවා‍
ඉතින් මෙක පොඩි මිනිස්සුන්ගෙ පොඩි කුඹුරට හෙනයක් වෙයිද?
යන්ත්‍ර තියෙන එක හොදයි පහසුයි ඉක්මන්
එත් එකට මුදල් ඕනි නෙද?
අපෙ මිනිස්සු වැඩ කලෙ මුදලට නෙමෙයිනේ
එයාලා අල්ලමු කුඹුරෙ අද වැඩ කරනවා
කට්ටියම ආපහු අනිත් කුඹුරෙ වැඩ.
දැන් හැම දෙම මැෂිමට බාර දිලා
ටික කාලෙකට කලින් කුඹුරු හාන්න මැෂින් ආව කාලෙත් ඔය දෙම උනා එකට අකමැති වුනා
පස්සේ කුඹුරු හාන්න මිනිස්සු හොයාගන්න බැරි වුනාම එයාලා 12k දිලා මැෂිමටම වැඩෙ පැවරුවා.
අනෙ මන්දා මිනිස් ඡිවිත වෙනස් වෙන විදිය.

NUWAN said...

ම- නියරවල් තියෙනවා නමට වගේ බොහෝම කුඩාවට.අපේ තෙත් කලාපේ වගේ නියරෙ ඈවිදින්න භෝග වවන්න තරම් ප්‍රමානවත් නෑ.විසාලා යායවල්නේ තියෙනේ අක්කරේටම ලියදි 4/5 වඩා නෑ.කුඩා කුබුරු වලට නම් මේ මෑශින් යොදා ගන්න අමාරුයි.හෑබෑයි කුඩා මෑශින් නම් භාවිතා වෙන්වා.තෙත් කලාපේ ගොඩක් ලියදි එරෙන නිසා මෙවා භාවිතා කරන්න අමාරුයි.මේ වර්ගයට අමතරව රොද තියෙන මීට වඩා විසාල ජෝන් ඩියර් වර්ගයෙ මෑශිමත් බහුලව යොදා ගන්නවා.කුබුර සවුත්තු වෙනවා කිව්වේ....එහෙම නෑ හෑබෑයි වල් පෑතිරීම වෙනවා මොකද කෑපෙනකොට ඒවත් පිදුරුත් එක්කම කෑපිලා ලියද්දෙ වෑටෙනවා.මේ පරන ලිපියත් බලන්නකෝ
http://nuwansl.blogspot.com/2009/02/200809.html

NUWAN said...

නුවන්සි - නුවන්c ඉස්සර ඒ විදිය තමා දෑනුත් තෙත් කලාපේ නම් යම් මට්ටමකට තවමත් එහෙම තියෙනවා.නමුත් කාලයත් එක්ක වෙනස් වෙනවා.ගොයම් කපන්න ,එකතු කරන්න.,ගොඩගහන්න, කොල මඩින්න්න ,හුලන් කරන්න මේ ඔක්කොම ගත්තොත් යන කාලය වියදම ඉතාම වෑඩියි.දෑන් මිනිස්සුත් ලොකු රේස් එකක නෙ ඉන්නේ .ඒ නිසා අර විදියට සහයෝගෙන් කපන්න එන්නේ නෑ.ගොයම් අල්ලියක්{1/6} කපන්න රු 600\700 ගන්නවා අතින්.මීට කන්නේකට කලින් වෑස්සා.අතින් කපනන්න රු800 /900 ගත්තා අල්ලියකට .එතකොට අක්කරේකට ඒ වගේ හය ගුනයක් කපන්න විතරක්.එක්කෙනෙකුට ඉතින් හිතා ගන්න පුලුවන් නේද,මෑශින් දෑන් ගොඩාක් ව්‍යප්ත වෙලා.මෙහෙ තියෙන ඒවට අමතරව කෑපෙනකොට අක්කරෙයිපත්තුව සමන්තුරේ පෑතිවලින් මෑශින් එනවා මදි නොකියන්න,ඈත්තටම කිව්වොත් දෑන් ඕනවාටත් වෑඩියි.ඒ නිසා තරගෙ නිසා මිල අඩුයි.ගිය පාරටත් වඩා මේ පාර.සමහර ඒවට අක්කර 5 කපන්න ලෑබුනේ නෑ.ඉතින් ඔන්න ඔය හේතු නිස පහසුව හා ලාභයත් එක්ක තමා මේ පෑත්තට ගොවි යොමු වෙලා තියෙන්නෙ.මේ යන්ත්‍ර හදන්නේ අපේ අල්ලපු රටේ ඉන්දියාවේ.

wayaba withthi said...

සමහර ඇයෝ හිතන්නේ ගොව්යෝ ගැන පහත් විදියට දැන් අපි මොඩ් ගොවියෝ තමා

Anonymous said...

තව ටික කාලෙකින් කුඹුරට නොබැහම මැෂින් වලින් කුඹුරු වැඩ කරන්න පුලුවන් වෙයි... :D

Narada said...

මඅෂිමෙන් ගොයම් කෙරුවාවට මම විරුද්ධ වුණේ නැති වුණත් මේ නිසා සම්ප්‍රදායික හා අනේන්‍ය සමෝගකින් ගොවිතැන් කරන අයටත් පහරක් වෙවි නේද?

එසේ හෝ අපේ රටේ පරිසරයේ සුරක්ෂිත භාවයත් එක්ක කෘෂිකර්මාන්තය පැතිරි යයි නම් ඒක හොඳ ලක්ෂයක්.


එවැන්නට උර දෙන ඔබටත් ඔබ පිරිසටත් සුභාසිරි පතනවා සැමදාමත් වගේම.

ජය වේවා!

malee_msg said...

එහෙනම් ඉස්සරහට හාල් ලාබ වෙයි නේ??

NUWAN said...

wayaba withthi-ඔව්.ඔව් ඔක්කොම අලුත් පන්නෙටනෙ යන්නෙ දෑන්.හෑබෑයි තාම අර කවුද කිව්වා වගේ ඩෙනිම් ඈදලා නම් බහින්නෙ නෑ.

-බිன்ku- පරිසරය ආරාක්ශා කිරීම නම් අනිවාරයයෙන්ම විය යුත්තක් බින්කු.හෑබෑයි අපේ අය වෑඩිපුරම නොකරන්නෙත් ඒකම තමා.විශේශයෙන් පාලනයක් නෑතිව කෘශි රසායන භාවිතය නම් ලොකු වසන්ගතයක් වෙනවා ඉදිරියේදි.

malee_msg-ඔව් ඔයාගෙ උපන්දිනේට {බ්ලොග් එකේ} මිටියක් එවන්නම් හොදේ.

Related Posts Plugin for WordPress, Blogger...