අපි මිදි වගා කරමු...
ඔන්න අපේ යාලුවො කීප දෙනෙක්ම අහලා තිබුනු ඒ වගේම කාලීන වෑදගත්කමකුත් තියෙන මාතෘකාවක් ගෑන අද කතා කරන්න හිතුනා.වෙන මොකුත් නෙමේ මිදි වගාව ගෑන. මෙහෙම කියන්නම් .වගාවක් කිව්වාට අපේ යාලුවන්ට ගෙදර මිදි වෑලක් දෙකක් උනත් හදාගෙන රස බලන්න පුලුවන්.ප්‍රදේශය ගෑන හිතන්න එපා.ඕනෑම පෑත්තක හදන්න පුලුවන්. ඒත් ආර්ථික වගාවක් කරන්න නම් සුදුසුම වියළි කලාපය තමා.මේ පෑත්තේ නම් ඒ වගේ මිදි මෑහි තියෙනවා.මෑහි කිව්වම මතක් උනේ....මිදි ගස් නෙමේ වෑල් විදියට යි හෑදෙන්නේ.සාමාන්‍යයෙන් මිදි වෑලකින් අවුරුදු 35-40 විතර කාලයක් අස්වෑන්න ගන්න පුලුවන්.හෑබෑයි අත ඈර දාලා නෙමේ හරි විදියට නඩත්තු කරලා හොදේ. ලංකාවෙ වගා කරන්න පුලුවන් හොද ප්‍රභේද දෙකක් තියෙනවා.එකක් කාඩිනල්.අනෙක ඊශ්‍රායෙල් බ්ලු.චායාරූප තියෙනවානේ.
ඒකෙනුත් මෙහේ වෑඩිපුර කරන්නේ ටිකක් තද පාට වෑඩි ඊශ්‍රායෙල් බ්ලු කියන මිදි ප්‍රභේදය තමයි. තෙත් කලාපෙත් මෙයා හදන්න පුලුවන්. පහලින්තියෙන්නේ ඒ වර්ගය.උඩ තියෙන්නේ කාඩිනල් කියන ප්‍රභේදය...
හිටවන්න තෑනක් තෝර ගන්න කොට හොදින්ම හිරු එළිය වෑටෙන තෑනක් ගන්න ඕන.විශේෂ දෙයක් නිතරම වතුර රෑදෙන තෙතමනය තියෙන තෑනක් නම් තෝරගන්න එපා.එහෙම උනොත් නම් ගෙඩි කන්න නම් වෙන්නෙ නෑ.වෑල විතරයි ඉතුරු වෙන්නේ කොලදාවත් එක්ක.... හරි අඩි3x3x3 වලක් සකස ගන්න ඕන.පොඩි වලවල් ගහලා නම් බෑ හොදේ.ටිකක් මහන්සි වෙන්න වෙනවා .දෑන් මේකට කොම්පෝස්ට් පොහොර කි.ග්රෑ 50 විතර පසුත් එක්ක කලවම් කොරලා පුරවාගන්න ඕන.හොදින් දිරාපු ගොම උනත් ගන්න පුලුවන්. හරිනේ දෑන් මිදි පෑලය ගනිමු.මාස 3/4 විතර වයසෙ පෑලයක් තමයි හිටවන්න වඩාත් ම සුදුසු වෙන්නෙ.අලුත් රිකිල්ලේ පුරුක් තුනක්වත් අඩුම ගානේ දුබුරු පාට වෙලා තියෙන්න ඕන.මේ විදියට......... පෑලයේ පොලිතින් බෑග් එක ඉවත් කරලා ගන්න ඕන.මුල් ටිකක් දිග වෑඩි නම් ඒවා හොද මුවහත් පිහියකින් ටිකක් කොට කරගන්න එක හොදයි.එතකොට වර්ධනයත් ඉක්මන් වෙනවා.දෑන් ඉතින් අපි කලින් සකස් කර ගනිපු වලේ මෑද්දට වෙන්න පෑලේ හිටවාගත්තොත් හොදා......
25 comments:
ශ මරේ මරු මමත් හදනවා පැලයක් කොහෙද ඔය පැල ගන්න තිනෙන්නේ?
උපදෙස් ඔන හැබැයි
චතුරංග -
ඔව් හිටවලා බලන්නකෝ. උපදෙස් දෙන්නම්.ම්ම් පෑල ඔය පෑත්තේ පෑල තවාන් වල බලලා පොඩි ට්‍රයි එකක් දෙන්නකෝ. ඉල්ලුවොත් සමහරවිට ගෙනෑත් හරි දෙයි.මෙහේ නම් තියෙනවා.ගොඩාක් වෙලාවට ඔය පෑත්තෙත් නෑති වෙන එකක් නෑ.
අනේ අයියේ මගේ මිදිවැල දැන් ගොඩක් ලොකුයි කප්පාදු කරනවා කියන එක මම හරියටම දන්නෑ කපල දැම්ම දලු කොල අතු ආයිත් හොදට හැදුන................. මට ඇතිවෙල ගේම අත ඇරිය මට මෙච්චර දවස් ඒක මතක තිබ්බෙත් නෑ....... ඒත් දැනුත් හොදට වැවිල කඳ(වැල)7cm මහතයි කොළත් පිරිල (මේදැන් ගොඩක් දවසකින් බලල ආවෙ) මිදි වැල දැක්කම දුකේ බෑ
අපි කියමුකො මිදිත් හැදුන කියල ඒත් මිදි ඇඹුල් රසය වැඩිනම් මොනවද කරන්න ඔන ප්‍රතිකර්මයක් තියනවද ?
ushan-
මිදි වෑලක් නිකන් කපලා හරි යන්නේ නෑ මල්ලී.මිදිවල තෘතීක ශාඛා වල තමයි ගෙඩි ඈති වෙන්නේ.ඉතින් අපි කප්පාදුව කරන්නේ ඒ තෘතීක අතු හදා ගන්න.ඒවා පුරුක් තුනෙන් පහෙන් ආදි විදියට කප්පාදු කරන්න ඕන..ඒකට පොඩි පුහුණුවක් තියෙන්න ඕන.අනිත් එක තව බලන්න ඕන දේවලුත් කීපයක් තියෙනවා.කාලය ,ජල පාලනය.,පොහොර යෙදිම වගේ දෙවලුත් මේකෙදි ඉතාම වෑදගත්.මට මේල් එකක් දාන්න මම ඔහෙන් කෙනෙක් සම්බන්ද කරලා දෙන්නම්.හෑබෑයි දෑන්ම කපන්න එපා තව කල් තියෙනවා.ඊලග ලිපිය කප්පාදුව ගෑන කියන්නම්.
wayaba withthi-
ඒකනම් ප්‍රභේදයේ ලක්ශණයක්.ඊශ්‍රායෙල් බ්ලු කියන ප්‍රභේදයේ පොඩි ඈබුල් ගතියක් තියෙනවා.හොදට ඉදුනාම නම් අඩුයි
මිදි වගාව දැක්කම ලෝන් එක පාස් කරන්න හිතුනා.
සහන්-
ඒත් පොඩි ප්‍රශ්ණයක්....කාටවත් දැන් මාව අල්ලන්න වෙන්නෑ මම දැන් කෝටිපතියෙක්.....ne
ෂා... මටත් මිදි වගා කරන් කන්න හිතෙනවා. වෙළෙඳපොලේ මිදි හරි ගනන්නේ. බොහොම ස්තුතියි මෙවැනි වටිනා ලිපියක් ලීවට.
නියමයි නුවන් මම පොඩි උත්සහයක් ගන්න ඔනි වැඩෙට මෙ ගැන දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා
නියමයි නුවන් ඔයාගේ ලිපිනම් ගොඩක් වැදගත්.
ලංකාවේ හැදෙන මිදි වෙළදපොලට යන්නේ පලතුරක් ලෙස පමණද? එයින් වෙනත් නිෂ්පාදන වලට යොදාගන්නේ නැද්ද?
ටිලාන්ත -ඔව්.ඔව් ටිලා වටිනා දේවල් ගනන් කියනවා නේ
දිසා -
ඔව් දිසා හදලා බලන්නකෝ....අනිවාර්යෙන් ලියනවා
ප්‍රාර්ථන ප්‍රනාන්දු -
දන්න තරමට වෙනත් නිශ්පාදන වලට යොදාගන්න තරම් නිෂ්පාදනයක් ලංකාවේ කරන්නේ නෑ.මාකට් එකේ තියෙන ඒවත් ගොඩක්ම පිටරටින් ගෙනාපු මිදි නේ ප්‍රාර්ථන.දෑනටත් ලංකාවට වෑඩිපුර මිදි එන්නෙ පිටරටින්
මම ලංකාවට ආවම මිදි වවන්න ගන්නවා.. උඹට මාව මහ කරදරයක් වෙයි.. හැම දේම අහන්න ගත්තම....හික් හික්....
මිදි කොල ආහරයට උචිතද?
::පිස්සා::-
වරෙන් වරෙන් ඉක්මනටම ලංකාවට වරෙන්කො.කිසිම කරදරයක් නෑ මචා....
gihaan gamagei -
අනේ ඈයි මිදි කොල කන්න අහන්නේ තණකොල ඉවර වෙලයි???
වටිනා ලිපියක් නුවන්. එත් මට ප්‍රශ්න කීපයක් තියෙනව.
බස්නාහිර පළාතෙ වවන්න පුළුවන්, ඇබුල් නැති වර්ගයක් තියෙනවද?
කොහොමද හොඳ ප්‍රභේදයක, හොඳ පැළයක් තෝර ගන්නෙ?
පැළ ගන්න නිර්දේශිත තැනක් එහෙම තියෙනවද?
මේක මහා පරිමාන වගාවකට නෙවෙයි. ගෙදර පැළයක් දෙකක් හදාගන්න.
ස්තූතියි ලිපියට...
කුමාර -
ස්තුතියි කුමාර.ඊශ්‍රායෙල් බ්ලු කියන ප්‍රභේදය කිසිම
ප්‍රශ්ණයක් නෑතුව හදාගන්න පුලුවන්.එහෙම ඈබුල්ගතියක් නෑ.පෑල කෘ.දෙ අනුමත පෑල තවානකින් ගන්න පුලුවන් නම් විස්වාසයි.අනිත් එක හිතෙන ගිනි ගානකුත් කියන්න බෑනෙ.මිදි වලට බහුලවම එන රෝගයක් තමයි යටි පුස් රෝගය.පත්‍ර දුබුරු පාට පුල්ලි වගේ තියෙනවා නම් අදුරගන්න පුලුවන්.හොද කොල පාට පත්‍ර තියෙන පෑලයක් ගන්නකො.
Mamath lankawata apu gama gemata bahinawa oya innawane baya neha yakata wath
Rohan-
එන්න එන්න ඕන සපෝර්ට් එකක් දෙන්නම්.
අපේ ගෙදරත් තියනවා මිදි වැලක් වයස අවුරුද්දකුත් මාස 3ක් විතර ඇති අම්මා තේ පොහොර දාලා කොළ නම් හොදට ලොකුවට හැදිලා තියනවා මිදි කන්න පුලූවන් වෙයිද
Anonymous -
පුලුවන් පුලුවන්.හෑබෑයි කොලදාව තිබුනාට වෑඩක් නෑ.කප්පාදුව කරන්න ඕන.කප්පාදුව කලාට පස්සෙ වෑලේ එක කොලයක් වත් ඉතුරු වෙන්නෙ නෑ.නටුටික විතරයි.සමහර අය බය වෙනවා කප්පාදුවෙන් පස්සෙ මිදි වෑල දිහා බලලා.ඒත් දලු දාලා මල් එනකොට හිත හොදයි.තේ පෝර දාලා නම් බෑ.මිදි වගාවේ නිර්දේශිත පොහොර මිශ්‍රණය මේ ලිපියේ තියෙනවා බලන්නකො.
ගෙඩ් හෑදෙන්න කොච්චර කල් යනවද
nice article............
Post a Comment