මිදි කප්පාදු කරන්නේ මෙහෙමයි...


ගොඩ දෙනෙක් කතා කල නිසාම අද මිදි කප්පාදුව ගෑන කෙටියෙන් හරි අපේ යාලුවො දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.කලින් මිදි වගාව ගෑන ලිපියක් ලිව්වත් ඒකෙ මිදි කප්පාදුව ගෑන ලියන්න බෑරි උනානේ.අපේ යාලුවො මතක තියා ගන්න ඕන මිදි වෑලක් ගෙදර තිබුනාට ඒකෙ අස්වෑන්නක් ලබා ගන්න නම් අනිවාර්යෙන්ම කප්පාදුව කියන එක කරන්නම ඕන දෙයක් බව.එහෙම නොකලොත් ඉතින් අවාරෙට හෑදෙනවා වගේ මිදි පොකුරක් දෙකක් වගේ තමයි වෑලෙන්ම ගන්න පුලුවන් වෙන්නේ....... කප්පාදු කරන්න අපි තෝරාගන්න ඕන වෑස්ස රහිතව වියලි කාළගුණයක් තියෙන කාලයක්.වෑස්ස තියෙද්දි කප්පාදුව කලාට හොද ප්‍රථිපල ලබාගන්න අමාරුයි.ඒකට හේතුව ඔයාලට මේ ලිපිය කියවද්දි පෑහෑදිලි වේවි.ඉතින් ජල සම්පාදනය කිරීමත් කප්පාදුවට අවම වශයෙන් දවස් පහකට කලින් වත් නවත්වන්න ඕන.ඒ කියන්නේ වගා ක්ශේත්‍රයේ පස වියළි තත්වයේ පවත්වාගන්න ඕන.

සාමාන්‍යයෙන් මිදි වල ගෙඩි හටගන්න නෑත්නම් මල් ඈතිවෙන විශේෂ ශාඛා අපි හදුන්වන්නේ තෘතීක ශාඛා කියලා.ඉතින් කප්පාදුව මගින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගෙඩි හෑදෙන තෘතීක ශාඛා ඈති කර ගෑනීමක්.ඒ තුලින් වෑඩි මල් ප්‍රමාණයක් ලබා ගෙන වෑඩි අස්වනු ලබා ගෑනීමක් සිදු කරන්න...
පොඩි උදාහරනයක් මගින් පෑහෑදිලි කරන්නම්.මේ රූපෙ හොදට බලන්නකෝ.මේකෙ මිදි වෑල ප්‍රධාන කද පොළොවෙ මට්ටමේ ඉදන් අඩි කීපයක් උඩ්ට ගියාට පස්සේ ශාඛා දෙකකට බෙදිලා තියෙනවා.ඒ ශාඛා වලට අපි කියන්නේ ප්‍රාථමික ශාඛා කියලා.මෙවායේ ගෙඩි හෑදෙන්නේ නෑ.මේ ප්‍රාථමික ශාඛා වලින් දෙපෑත්තට එන අතු අපි හදුන්වන්නේ ද්විතීක ශාඛා කියලා.මේවා තිබුනයි කියලාත් මිදි වෑලේ ගෙඩි එන්නේ නම් නෑ හොදද.එතකොට කොහෙන්ද මේ කලින් කිව්ව තෘතීක ශාඛා ඈති වෙන්නේ.අන්න ඒකට තමයි කප්පාදුව කරන්නේ.හොද මුවහත් සෙකටියරයක් යොදාගෙන මේ ද්විතීක ශාඛා පුරුක් තුනෙන් පහෙන් ආදි වශයෙන් කපා දෑමීමක් කරන්නේ.....එතකොට ඒවයෙන් එන්නේ අපිට වෑදගත් තෘතීක ශාඛා කෙටියෙන්ම කිව්වොත් මල් එන අතු..
ඔන්න ගොඩාක්ම සරළවමයි කිව්වෙ.කප්පාදුවෙන් පස්සේ කරන්න ඕන වෑඩ ටිකක් තියෙනවා.කප්පාදු කරපු තෑනින් වෙනත් දිලීර වර්ග රෝග ආසාදනය වෙන්න පුලුවන් නිසා අනිවාර්යෙන්ම කෑපුම් තලයේ දිලීර නාශකයක් ආලේප කරන්න ඕන. මං කිව්වානේ කප්පාදුවෙදි වියළි කාලගුණයක් ඕන කියලා.ඒකට හේතුව තමයි අපි කප්පාදු කරලා සතියක් වගේ ඈතුලත නිර්දේශිත රසායනික පොහොර මිශ්‍රණයත් වගාවට යොදලා එක වර ජල සම්පාදනයක් වගාවට කරනවා.එතකොට දිගු කාලයක් කටුක පරිසර තත්ව වලට භාජනය වෙලා හිටපු මිදි වෑලට එකවරම දෑනෙන වෙනසත් එක්ක එයා මල් ඈති කරන්න උත්තේජනය වෙනවා.
ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මිදි කප්පාදුව කියලා අපි හදුන්වන්නේ.ගොඩාක් සරළවම තමයි විස්තර කලේ.පොහොර නිර්දේශ ය වගා කටයුතු පිළිබදව විස්තර ටික මිදි වගාව ගෑන මුල් ලිපියෙ තියෙනවා.මොනවා හරි ගෑටලුවක් තියෙනවා නම් අහන්නකො.ආ මුල් ලිපියේ කමෙන්ට් කරපු උශාන් මල්ලිගෙ මිදි වෑලෙත් මල් ඈවිත් .මෙන්න එයා ඊ මේල් කරපු ෆොටෝ එකක්....
(අපි මිදි වගා කරමු ලිපිය බලන්න)

8 comments:

.::පිස්සා::. said...

අනේ නුවන්, දිගටම ලියන්න... මම මෙහේ යාලුවෙක් හම්බ උනාම, අපේ රටේ වැවෙන දේවල් ගැන, අනං මනං කතා කරන කොට, ඩ්‍රැගන් ෆෘට් ගැන කිව්වා.... එයා ඒක ගැන දන්නේ නෑ... මම වීරයා වගේ, ඔයාගේ බ්ලොග් එක ඕපන් කරලා, ඒකේ තිබිච්ච රූප පෙන්නුවා...

ඔයා මේ කරන සේවයට, බොහොම ස්තූතියි නුවන්...

ගෙවතු වගා ගැන ලියන්නකෝ...

NUWAN"s lane said...

@::පිස්සා::
උබේ වචන ලොකු ශක්තියක් මචන්.ස්තුතියි.ගෙවතු වගාව ගෑන ලියනම්.

Anonymous said...

අපේ ගෙදර මිදි පැලයක් තියනවා, දැනට අවුරුදු 7 ක් විතර ඇති. තාම අඩියක්වත් උස නෑ. පරණ මිදි වැලකින් ගත් භුගත කඳක්(අත්තක්) තමයි පැළ කලේ.ඉඳල හිටල කොල දෙක තුනක් ඇවිල්ලා මාසෙකින් විතර මැරෙනවා. ඊට පස්සේ එක කොලයක් වත් නැතුව මාස කිහිපයක් තිබිලා ආයෙ කොල දෙක තුනක් ඇවිල්ලා ආයෙ මැරෙනවා. එහෙම එහෙම අවුරුදු7 යි තාම අඩියයි.
හැබැයි අවුව වැටෙනෙත් නෑ(වදල ), එතන තෙතමනයත් ගොඩක් තියනවා. අපේ වත්තෙ මිදි හරියන් නැතිවෙයි නේද?
මම ඉන්නෙ මහනුවර.

NUWAN"s lane said...

@ Anonymous-

සාමාන්‍යයෙන් මිදි පෑල අපි හදා ගන්නේ මිදි කප්පාදුවෙදි ඉවත් කරන මේරූ දුබුරු පාටට හෑරුනු අතු 15cm- 20cm කෑබලි වලට සෙකටියරය මගින් කොටස් කරලා මුලින්ම වෑලි තවානක තියලා පෑල උනාට පස්සෙ පෑකට් එකකට අරගෙනයි.ඔය කියන තෑන ජලය නිතර රෑදෙනවා නම් අර කලින් කිව් තත්ව දෙන්න බෑරි වෙනවා.මිදි වගාවට හොදින් ජලවහනය වෙන පසක් අවශ්‍යමයි.කොල දුබුරු පාට වෙලා හෑලෙන්නෙ දිලීර රෝගයක් නිසා.ඒ හෙම උනොත් ඒ සදහා නම් දිලීර නාශකයක් යොදන්න වෙනවා.තෙත් කලාපයේ නිසා දිලීර ඒමේ ප්‍රවනතාවය නම් වෑඩියි.ඔය කාලෙත් එක්ක නම් අලුත් පෑලයක් සිටුවීමයි වඩා හොද

කෝදාගොඩ විතාරණ said...

අයියේ මේ දවස්වල වැස්සේ පොඩි පොඩි කචල් තියනව පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඒඒ පලාත්(හම්බන්තොට) වලට කප්පාදුවට හරි යන මාස (මොකද වැස්සත් කේස් නේ)

NUWAN"s lane said...

@කෝදාගොඩ -
ජුනි හා ජනවාරි යන මාස වඩාත් සුදුසුයි මල්ලි.

දුකා said...

මගේ අම්මෝ . . උඹේ මිදි වවන්නේ මෙහෙමයි බ්ලොග් එක ලියන කොච්චර පොඩි කාලයද ගියේ මෙන්න උඹ මිදි කප්පාදු කරන හැටි ගැනත් ලියලා . .. ඔච්චර ඉක්මනට වැවෙනවද මචෝ . . .මට සිහියක් නෑ අපේ වත්තෙත් මිදි වැලක් හදා ගන්න කම් . . . ඒත් ඉතිං "අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ . . " තමයි . . .

NUWAN"s lane said...

@දුකා-
හේ හේ අපි එහෙමයි ...වෑව්වා එහෙන් ඉවර වෙනකොට කෑපුවා.කන්නයි තියෙන්නේ....වවපන්.....මචන්

Related Posts Plugin for WordPress, Blogger...