.


පසුගිය සතියෙ යාලුවෙක්ගෙ පොඩි අවශ්‍යතාවයකට රත්නපුරේට යන්න උනා.ගියේ ඈබිලිපිටිය හරහා.කොහොමහරි රත්නපුරෙන් එන්න පිටත් වෙනකොට හවස හතරත් පහු වෙලා..මට එන්න ඔන මාතරටනේ.ප්‍රධාන මාර්ගයේ එනවනම් ඈබිලිපිටිය, නොනාගම තන්ගල්ල හරහා තමයි මාතරට එන්න ඕන..කිලොමීටර් නම්175 විතර තියෙනවා.කොහොම උනත් මාදම්පේ කිට්ටු වෙනකොට මගේ අදහස පොඩ්ඩක් වෙනස් උනා.මාද්ම්පේ ඉදලා පාරක් තියෙනවා දෙනියායට,ඒ පාර වෑටිලා තියෙන්නේ රක්වාන හා සූරියකන්ද හරහා දෙනියාය දක්වා.ඉතින් දෙනියායට ඈවිත් අකුරෑස්ස හරහා මාතර එන්න හිතාගෙන මම රක්වාන පෑත්තට හෑරෙව්වා..ඈත්තටම මාර්ගය නම් ටිකක් ලේසි නම් නෑ.ඒ උනාට ස්වබාවසුන්දරත්වය අතින්නම් කිසිම අඩුවක් නෑති බිම්කඩක් තමයි පහු කරගෙන යන්න තියෙන්නේ .පාසලේ සමාජ අද්‍යන විශය මතක නම් රක්වාන හා බුලුතොට හෙල් කියලා උගත් කොටස සියසින්ම දෑක බලා ගන්න පුලුවන් .මොකද රක්වාන බුලුතොට දුර්ගය හරහා තමයි මේ පාර වෑටිල තියෙන්නේ. වංගු දහය පහු කරලා එද්දි පෑහෑදිලි කාලගුනයක් තිබුනොත් නම් හොද පෑතිකඩක් දකින්න පුලුවන්..මම එද්දි මුලු මාර්ගයම මීදුමෙන් වෑහිල තිබුනේ.නුවර එලිය වගේ..සුන්දර වගෙම ඉතාම පාලු මාර්ගයක් තමයි මේක. මාර්ගයේ සියයට පනහකටත් වඩා වෑටිලා තියෙන්නේ රක්ශිත වනයක් මෑදින්..මමත් පින් දිදි තමයි ආවේ.මොකද පෑච් එකක්වත් ගියානම් රෑය පහන් කරන්න වෙන්නෙත් කෑලේම තමයි .සුරියකන්දට එද්දි රාත්‍රි 7 විතර උනා කොහොමහරි දෙනියායට එද්දි රෑ 9ත් පහුවෙලා.දෙනියායෙන් රෑට කෑමත් කාලා ගෙදරට එද්දි රෑ 11යි................නරකමත් නෑ..

8 comments:

Danishka said...

".ඉතින් දෙනියායට ඈවිත් අකුරෑස්ස හරහා මාතර එන්න"

මමත් වරක් මේ පාරේම ගියා ඒ 2004 දෙසැම්බර් 27 සුනාමියෙන් පස්සේ හම්බන්තොටට. බටපොල-බද්දෙගම-උඩුගම-අකුරැස් හරහා මාතරට එන්න හැදුවේ. එත් අපි එක්ක හිටි මල්ලි කෙනෙක් කළ හදියක් නිසා ඇල්පිටියෙන් මහ වටයක් ගහලා අන්තිමට හිනිදුමටයි ගිහින් තිබ්බෙ. කල්වාරි දේවස්ථානය ඉදිරිපසින් යද්දියි දැනගත්තේ.

අපරාදේ කියන්න බැ ඊට කලින් මහා ගංවතුරට හසුවි කැඩි තිබ්බ පාලම් වලින් සහ මාරක වංගු වලින් මහරැ බෙරිලා ආව හැටිනම් පුදුමයි. :D

ච.ගු said...

Photos ගත්තෙ නැද්ද ? ටිකක් තිබ්බනම් නියමයි නුවන්

NUWAN said...

අනේ ෆොටෝස් නම් ගන්න බෑරි උනා චන්දිම..පුලුවන් තරම් කලින් එන්නයි ට්‍රයි කලේ..

NUWAN said...

මම නම් ඒ දවස්වල නාවලපිටියෙ හිටියෙ දනිශ්ක..ගාලු පාර වෙනුවට තමයි ඒ දවස් වල ඔය පාර බාවිතා කලෙ..හෑබෑයි රවුමක්

NUWAN said...

මම නම් ඒ දවස්වල නාවලපිටියෙ හිටියෙ දනිශ්ක..ගාලු පාර වෙනුවට තමයි ඒ දවස් වල ඔය පාර බාවිතා කලෙ..හෑබෑයි රවුමක්

Danishka said...

ඇත්තටම යන්න අපි කෙටිම පාර හදාගෙන ගියාට මල්ලි කෙනෙක් එයාගේ ගේ ඉස්සරහින් අපිව ගෙනියන්න හදපු නිසා තමයි වැඩේ අල උනේ.

Anonymous said...

ම්ම් නියම අත්දැකීමක් නේද කොල්ලො. හැබැයි මේ වගේ ගමන් පරෙස්සමෙන් හොඳේ.

TG said...

මේ සටහන කියවනකොට මට මතක්වුනේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ මමත් මේ වන්ගු දහය පාරෙන් ආවහැටි.අපේ කාර්යාලෙ උදවිය ට්‍රිප් එකක් ගිහින් උඩවලව චන්ද්‍රිකා වැව ගාව නාන්න කාලෙ ගතකලා.ඒත් මට ඉක්මනින මාතරට එන්න ඔනෙ වුනා. මගේ රියදුරු තැන තෝරගත්තෙ මාදම්පෙ, රක්වාන හරහා දෙනියාය අකුරැස්ස පහුකරගෙන එන ඔය වංගු දහය පාර . පාර හරි ලස්සනයි . සූරිය කන්ද හරියෙ මීදුම් පිරුණ මෝර්නින්ග් සයිඩ් කියලා ලස්සන තැනකුත් ඔය පාරෙ පහුවෙනවා.හැබැයි ඉක්මනට එන්න කියලා ආවට මාත් මාතරට ආවෙ අපේ ඔෆිස් එකේ අනිත් නඩේ සූරියවැව , නෝනගම , තංගල්ල පහුකරගෙන ආව වෙලාවටමයි.ඒත් හරි ලස්සන ගිරි දුර්ග මාර්ගයක්.මම මග දිගට වංගු ගනිමින් ආවෙ.

Related Posts Plugin for WordPress, Blogger...