.


විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු.


මේ දවස් වල ගොඩ දෙනෙක් කතා කරන පලතුරක් විදියට මකර පලතුර හෙවත් ...dragon fruit හදුන්වලා දෙන්න පුලුවන්.හෑබෑයි වර්තමානයේ මේ පලතුර කරලියට ආවට මේක ලංකාවට හදුන්වලා දීලා නම් වසර කීපයක්ම වෙනවා.මේක අපේ රටේ පලතුරක් නම් නොවෙයි.සම්බවය උනු රට විදියට සලකන්නේ දකුනු ඈමරිකාව.අපේ රටේ ආර්තික බෝගයක් විදියට වගා නොකලාට තායිලන්තය,මෑලේශියාව, ඊශ්‍රායලය වගේ රටවල මේ පලතුර ආර්තික බෝගයක් විදියට වගා කරනවා.හෑබෑයි දෑන් ලංකාවෙත් මේ පලතුර ක්‍රමයෙන් ව්යාප්ත වේ ගෙන යනවා.පහත රට තෙත් කලාපය, අතරමෑදි කලාපය වගේම ජල සම්පාදනය යටතේ වියලි කලාපයේත් මේ පලතුර වගා කරන්න පුලුවන්.කොටින්ම ගත්තොත් මේක පතොක් කුලයේ ශාකයක්.පෙනුමත් පතොක් වගේම තමයි.මේකෙත් ප්‍රබේද කීපයක් තියෙනවා.ගෙඩියේ පොත්ත රතු පාට හා මදය සුදු පාට වර්ගය,පොත්ත කහ පාට හා මදය සුදු පාට වර්ගය,ඒ වගේම පොත්ත හා මදය රතු පාට වර්ගය විදියට .හෑබෑයි මේවයිනුත් වෑඩි ඉල්ලුමක් තියෙන්නේ රතු පොත්ත හා සුදු පාට මදය තියෙන වර්ගයට.ලංකාවේ නම් මේ පලතුර 1kg රු300-350 වගේ මිලකට අලෙවි කිරිමේ හෑකියාව තියෙනවා.මේ පලතුර ගොඩාක්ම වෑදගත් වෙන්නේ හොද ඔසුවක් විදියට.විශේශයෙන්ම දියවෑඩියාවට,අධි රුධිර පීඩනයට,කොලස්ට්‍රෝල් වලට ගොඩක්ම ගුන දායක බව සදහන් වෙනවා.අපෙත් සෙවාසංස්කරන ආයතනේ මේ පලතුර තියෙනවා.හෑබෑයි මට නම් මේ පලතුර රසවත්ම නම් නෑ.මේවා සිටුවිය යුත්තේ 2m*2m පරතරයට අඩි 2*2*2* ප්‍රමානයේ වලක් සකස් කරලා.වලට කාබනික පොහොර එකතු කරන්න පුලුවන්නම් ගොඩාක්ම හොදයි.පතොක් කුලයෙ ගහක් නිසා අනිවාර්යෙන්ම මේකට ස්තිර අඩාරකයක් ඕන වෙනවා.මේ සදහා වඩාත්ම ගෑලපෙන්නේ 2 mකොන්ක්‍රිට් කනුවක්.පලු වගේ ශක්තිමත් අරටුවක් තියෙන කදක් උනත් යොදා ගන්න පුලුවන් ආධාරකය විදියට.සාර්තකව වගාව පවත්වා ගත්තොත් මෑයි- නොවෑ කාලවල මල් පිපීම සිදු වෙලා අස්වනු ලබා ගන්න පුලුවන්.මල් පිපිලා දින 30-35 වත් යනවා ගෙඩි මෝරන්න.ඉතින් මටත් හිතුනා මේ වගවෙන් ආදර්ශන කීපයක් මගේ කොටසෙත් කරන්න.ඒ අනුව අලුත් දෙවල් වලට උනන්දුව තියෙන ගොවි මහත්වරු 10 දෙනෙක් තෝර ගෙන පෑල 20 ගානෙ වගා කලා,පුහුනු පංති එහෙම තියලා.ඉතින් මේ පොටෝ වල තියෙන්නේ ඒ එක ගොවි මහත්මයෙක්ගෙ වගාව.ඉතින් ඔයාලටත් අසාවක් තියෙනවානම් ගෙවතු මට්ටමෙන් උනත් එක පෑලයක් දෙකක් හදා ගන්න පුලුවන්.

12 comments:

Buru Babe said...

its a summer fruit out to here. (cactus family) we called indian fico. sea side is the best area to grow.

Narada said...

මචෝ මම ඉන්නේ ලංකාවේ නොවේයිනේ මේ දවස්. ඉතිං මේ වසන්තයට මෙවා පැල කරන්න පුළුවන් නේද?

NUWAN said...

වසන්තයට නම් මරු....ඒත් හිම තමයී. හිටවලම බලමු.බින්කු

malee_msg said...

මේවා විකුණන්න තියනවා මාත් දැකලා තියනවා.ඒත් රස කොහොමද කියලා දන්නේ නැති හින්දා ගත්තේ නෑ..ඇත්තටම අයියා මොන වගේ රසක්ද තියෙන්නේ?

NUWAN said...

මමත් කෑවේ එක දවසයි නංගි.ඊට පස්සෙ නම් ඔන නෑ කියල හිතුනා.අපේ යාලුවො නම් ආසවට ගෙවල් වල එහෙම අරන් යනවා.ම්ම්ම්.මම්,අ කොහොමද රස කියන්නේ..ආ ෆලුඩා වල සුවද තියෙනවා.

Narada said...

මාත් බලන්න ඕනේ. පුළුවන්ද මේකේ විද්‍යාත්මක නම දෙන්න. මොකද පලතුරු වල වුණත් නම් වෙනස් වෙන්න පුළුවන් හින්දා රටින් රටට.

NUWAN said...

@ binku-
selanisereus megalannthus

Narada said...

http://www.tradewindsfruit.com/yellow_pitaya.htm

Anonymous said...

නුවන් අපිට පැලයක් හෙයාගන්නවානම් කොහොමද හොයාගන්නේ

Anonymous said...

I prefer to acquire breaks throughout the my working day and browse by way of some blogs to see what individuals are talking about. This blog appeared in my searches and that i couldn't help clicking on it. I'm pleased that I did since it was a really fascinating examine.

--------------------------------------------
my website is
http://pbass.org

Also welcome you!

හරී said...

මා කඳුරෙ ෆාම් එකකින් මම ගෙනාපු පැළයකට අවුරුද්දක් එකහමාරක් වෙනවා..

තාම එහෙමමයි.. අඟල් 6ක විතර දන්ඩක් ආවා.. ඊටපස්සෙ වැවුනෙම නෑ..

මොකෝ කරන්නෙ ඒකට?

Unknown said...

nuvan aiye kohenda pala ganna thiyenne? plz hp me
uditha199206@gmail.com

Related Posts Plugin for WordPress, Blogger...