.


කෙටි කාලයකින් හොද බද්ධ අඹ පෑළයක් නිවසේදීම හදාගමු...

ආයුබෝවන් දයාබර මිතුරු මිතුරියන් සියලුම දෙනාට.ඒ වගේම තවත් දෙයක් ඔන්න අපේ රටේ කෘශි නිෂ්පාදනයට දායක කරගන්න පුලුවන් බිම් ප්‍රමාණයත් තුනෙන් එකකින් විතර වෑඩි වෙලා.අපේ දකුණේ ගොවි මහත්වරුන්ටත් එක පෑත්තකින් හොද අභියෝගයක් මොකද අපි දන්නවා උතුරු කරේ අපේ සහෝදරවරු කෘශිකර්ම ක්ශේත්‍රයේ අති දක්ෂයින් බව.ඔවුන්ගේ ඈගේම ඒක තියෙනවා විශේෂයෙන්ම ධාන්‍ය භෝග වගාවට නම් උපන් හපන්නු.කෙසේ වෙතත් අපේ රටට පිටරටවලින් ගේන ,නමුත් අපේ රට තුලවගා කරන්න පුලුවන් ආහාර නම් අනිවාර්යෙන්ම වෑඩි ප්‍රමාණයක් මෙරටම හදාගන්න පුලුවන් වේවි ඉදිරියෙදි.
ඔන්න අද කියන්න යන්නේ අපේ ගෙදරදිම සාර්ථකව බද්ධ අඹ පෑලයක් හදාගන්න පුලුවන් විදියක් ගෑන.හරිම ලේසියි විනාඩි 15 වෑඩේ ඉවරකරන්න පුලුවන්. කෙටි කාලයකින් අස්වනු ගෑනීමට පුලුවන් වීම,ගසේ උස අඩු වීම,ඒ වගේම මව් ශාඛයට 100% සමාන ලක්ශණ ඈති ගසක් හදාගන්න පුලුවන් වීම වගේ වාසි බද්ධ කිරීම තුලින් අපිට ලබාගන්න පුලුවන්.... මේකෙ අවාසිත් නෑතුවා නෙමෙයි.හෑබෑයි සාපේක්ෂව වාසි වෑඩියි. හරි පටන් ගනිමු..............


මේ වෑඩේට අපි යොදාගන්නේ කුඤ්ඤ බද්ධ ක්‍රමය.මොකද ඒක හරිම සරළයි.ලොකු පුහුණුවක් අවශ්‍ය නෑ.මුලින්ම අපි ග්‍රාහකය නෑත්නම් මුල් සහිත කොටස විදියට පාවිච්චි කරන කොටස සාදා ගෑනීම කල යුතුයි.හොද මුල පද්ධතියක් තියෙන,කටුක පරිසර තත්ව වලට ඔරොත්තු දෙන කොහු අඹ වල් අඹ වගේ වර්ගයක් මේ සදහා සුදුසුයි. කෑපෙන පිහිතලයකින් අඹ ඈටයේ පොත්ත ඉවත් කරන්න ඕන.පෑය 2 විතර වතුරේ පොගවලා ගත්තොත් පෑල වීම ඉක්මන් කරගන්න පුලුවන්. මේ ඈට වෑලි තවානක සිටුවා ගන්න ඕන.පෑලවෙන්න දවස් 15 විතර යනවා. දවස් 15-20 වෙනකොට අපේ වෑඩේට හොදයි.මුලින්ම මේ පෑලේ වෑලි තවානෙන් ගලවලා වියලි ගොම:මතුපිටපස් 1:1 අනුපාතයට කලවන් කර ගෙන පුරවාගත්තු කලු පොලිතින් බෑග් එකක හිටුවා ගන්න ඕන.
වෑදගත්ම දේ තමයි අනුජය තෝරාගන්න එක.අපිට ගෙඩි ගන්න අවශ්‍ය රසවත් හොද පලදාවක් තියෙන අඹ ගහක් තෝරාගෙන ඒකේ පසුගිය වාරේ ගෙඩි හෑදුනු කලින් පෑල කරගත් ග්‍රාහකයේ කදේ ප්‍රමාණයට සමාන අගල්2-3 දිගකින් යුක්ත රිකිල්ලක් තමයි මේ සදහා යොදාගන්නේ............ ඔන්න වෑඩේට මුවහත් බද්ධ පිහියක් හරි නෑත්නම් අලුත් බ්ලේඩ් තලයක් හරි ඕන වෙනවා.මුලින්ම ග්‍රාහකය අගල් 5උසින් කපා ඉවත් කල යුතුයි.ඉන් පසුව එහි හරි මෑදින් සෙ.මි 2 පමණ ගෑබුර පෑල්මක් පහලට දාන්න ඕන. කලින් සූදානම් කරගත් අනුජ කොටස කුඤ්ඤ හෑඩයට දෙපෑත්තෙන් බ්ලේඩ් තල පාරවල් දෙකකින් කෑපුමක් යොදාගෙන ග්‍රාහකයේ පෑල්ම තුලට බස්සවා 1/2 පොලිතින් පටියක් මගින් බද්ධ සංධියේ පහල සිට ඉහලට වෙලීම සිදුකර ඉහලින් ගෑටයක් යෙදිම කල යුතුයි............. පොලිතින් ආවරණයක් යොදා පෑලය සෙවනේ තෑබීම සුදුසුයි.නෑත්නම් වේලෙන්න බලනවා.දින 14 පොලිතින් ආවරනය ඉවත් කිරීම කල යුතුයි.වෑඩේ සාර්ථක නම් රිකිල්ල කොල පෑහෑයෙන් දකින්න පුලුවන් වේවි.මාස 3-4 යනකොට හොද මට්ටමේ පෑලයක් හදාගන්න පුලුවන්........... සල්ලිත් වියදම් කරගෙන වෙළද පොලේ කපටින්ට රෑවටිලා අවුරුදු 2-3 බලන් ඉදලා පස්සේ පසුතෑවෙනවාට වඩා කෙටි කාලයකින් මේ වගේ දෙයක් කරලා තෘප්තියකුත් ලබන්න පුලුවන් නම් කොයිතරම් වටිනවද ...

16 comments:

Tilantha said...

ඉතා වටිනා ලිපියක්. බොහොමත්ම ස්තුතියි

Tilantha Gunatilaka said...
This comment has been removed by the author.
දුකා said...

මචං . . තවත් සිරා ලිපියක් . . .

අනේ තරහ වෙන්න එපා . . . මට නිකමට හිතුන පොඩි අඩු පාඩුවක් තියෙනව කියල . . .

උඹ ලඟ ඩිජිටල් කැම් එකකුත් තියෙන එකෙ පියවරෙන් පියවර පොඩි පින්තූර ටිකකුත් දැම්මනම් . . . මාර ප්‍රයොජනවත් . . . විශේෂයෙන් . . මේ මම වගේ මැට්ටෙකුට . . . !

කොහොමත් ඊලඟ නිවාඩුවෙනම් . . උඹේ කිරිඅල වැඩෙයි . . . මේ වැඩෙයි ට්‍රයි කරල බලන එක බලනවාමයි . . . !

පුලුවන් උනොත් . . . වෙලාවක් තිබුනොත් . . . කරදරයක් කියල නොහිතුනොත් . . . පින්තූර ටිකකින් මේ වැඩේ පැහැදිලි කරන්න උත්සාහ කරන්න මහත්තයෝ . . .

NUWAN said...

Tilantha -ස්තුතියි මිත්‍රයා

දුකා- අනිවාර්යයෙන්ම දුකෝ.මම එකග වෙනවා.චායාරූප ටිකක් අවාසනාවට මේ ක්‍රමේදි ගන්න බෑරිඋනා.ඒත් මම චායාරූප ටිකක් ඉදිරියේදි එකතු කරන්නම්
[කොහොමත් ඊලඟ නිවාඩුවෙනම් . . උඹේ කිරිඅල වැඩෙයි . . . මේ වැඩෙයි ට්‍රයි කරල බලන එක බලනවාමයි]අහන්නත් සංතෝශයි මිත්‍රයා.ඕනම සහයෝගයක් ඒ වෙනුවෙන් දෙන්නම්

Anonymous said...

කෘෂිකර්මය වැනි කවුරුත් වැඩියේ නොලියන ඒත් හැමෝටම කොයිකවදා හරි උවමනා වෙන ක්ෂේත්‍රයක් ගැන බ්ලොග් එකක් පටන් ගත්ත එකනම් ඇත්තටම වටිනවා මචං.

ඇත්තටම දුකා කියපු දේට එකඟයි. රූප සටහන් කිහිපයක් තිබ්බා නම් වැඩේ අගය තවත් වැඩියි. ෆොටෝම ඕනා නැහැ අතින් කටුවට ඇඳලා හරි ජංජාලයෙන් පොඩ්ඩක් හොයලා බලලා හරි දැම්මත් අවුලක් නැහැනේ.

දිගටම කරගෙන යන්න සුභ පතනවා මචං.

Sachintha said...

මචං නියම ලිපියක්, මට පොඩි ප්‍රශ්නයක් තියෙනව "ග්‍රාහකයේ කදේ ප්‍රමාණයට සමාන අගල්2-3 දිගකින් යුක්ත රිකිල්ලක්" කිව්වම එකෙ කොල තියෙන්නත් ඔනෙද පොඩ්ඩක් එක පැහැදිලි ක‍රල දෙනවද.

NUWAN said...

Sachintha -
ඔව් මචා. ග්‍රාහකය කිව්වේ බද්ධ පෑලයෙ මුල මණ්ඩලය සහිත කොටසනේ.ඒක තමයි අපි අපි අඹ ඈටය පෑල කරලා ගන්නේ.අනුජය කියන්නේ අපි පිටින් ගෙනත් සවි කරන කොටස.මම කිව්වෙ මේ දෙකේම විෂ්කම්බ ය ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන කියලා.අනුජය විදියට ගන්නේ පත්‍ර කීපයක් තියෙන අඹ රිකිල්ලක්.ඒ රිකිල්ලේ උස අගල්2/3 වීම ප්‍රමානවත්.
roylyfernando -ඔබේ අදහස් ශක්තියක් .ස්තුතියි/

කුමාර said...

මේක නම් ට්‍රයි කරල බලන්නම ඕනෙ. අනෙක් අය කිව්ව වගෙ රූප සටහන් ටිකක් දැම්ම නම් වටිනාකම තවත් වැඩි වෙයි.

ගොවි මහත්වරු නොවන අපි වගෙ අයටත් කරන්න පුලුවන් මේ වගේ දේවල් දිගටම ලියන්න. සමහරුන්ට මේක සුළු දෙයක් උනත් තව කෙනෙකුට අලුත්ම අත්දැකීමක්.

ස්තූතියි සටහනට.

යූත්මැක්ස් said...

නුවන්ගේ තවත් සුපිරි ලිපියක්. ස්තුතියි

nalaka said...

මමත් මේ ක්‍රමේය අට් හදා බල්ණ්නම්.ආ අතුබෑදිම මම කරලා ලෙමන් පෑලයක් හෑදුවා.දිගටම ල්යන්න

NUWAN said...

යූත්මැක්ස්-
ස්තුතියි.මිත්‍රයා..
nalaka - මේ ක්‍රමෙත් අත්හදා බලන්නකො

Anonymous said...

Wow You a great Sri Lankan son.I salute U. Thanks 4 Ur publication.Carry on.....
Saman

malee_msg said...

මාත් ට්‍රයි ‍එකක් දෙන්න ඕනි..

නුවන්සි said...

ඕකට කියන්නේ අනුන්ගේ පහනින් එළිය ගන්නවා කියලානේ
එ කියන්නේ කට්ට කන්නේ එක අඹ ගහක් එත් එකෙන් ඵල හදන්නේ තවත් එකක්. හී..හී

මෙ මාත් පාසල් කාලේ ඇග්‍රි තමයි කලේ.
ඇත්තමයි‍. කියන්න ලැඡ්ඡයි දැන්නම් මෙ ලොකේ දෙයක් මතක නැනේ
මෙවා කියවන කොට පුදුම ආසවක් දැනෙන්නේ
පරන කරපුවා මතක් වෙලා
ටැංකුයි නුවන්
කිවුවා වගේ පිංතුර ටිකක් දාන්න දැන් දැන් හැමොම උනන්දුයි වගේ වැඩෙට
එත් පිංතුර ගන්න බැරි නිසා නොලියා එහෙම ඉන්න එපා පිංතුර නැතත් ලියන්න

Gihan said...

niyamai yaluwa man ada thama mekata awe kiyawanna dewall godak thiyena patai, digatama liyanna.

Community said...

machan niyama lipiyak hamba une sahena kalekin.puluwannam
1.danata thiyana aba jathi monawada lankawe
2.badda karana widi saha ewwage wisheshathwaya/wasiya
3.yoda ganna homona baddaya ikmanin alla ganna
4.shaka bo kara ganna puluwan widi monawada?advance ewwa unath kamak na poddak kiyanna

me tika ahanna mama gannoruwen hitan ahuwahama answer ekak dunne na wada muluwakata apu welawe hariyata :) help ekak denna

Related Posts Plugin for WordPress, Blogger...